hit counter

2025 අගෝස්‍තු මස 05 වන අඟහරුවාදා

2024 පෙබරවාරි 03, ප.ව. 1:42



ඇමරිකාව විසින් ඉරාකයේ සහ සිරියාවේ ඉරානයට සහය දෙන මිලීෂියා කණ්ඩායම්වලට සම්බන්ධ යයි කියැවෙන ස්ථාන ගණනාවක් ඉලක්ක කරගෙන ප්‍රහාර මාලාවක් එල්ලකර තිබෙනවා.

ජනාධිපති ජෝ බයිඩන් කියා සිටියේ පසුගියදා ජෝර්දානයේදී එල්ල වූ ප්‍රහාරයට ඇමරිකාව විසින් පිළිතුරු දීම අරඹන ලද බවයි. අනාගතයේදී ද තමන් සුදුසු යයි හැඟෙන පරිදි ප්‍රතිචාර දැක්වීමට පසුබට නොවන්නේ යයි ඔහු කියා සිටියා.

මේ අතර ඇමරිකානු මධ්‍යමදිග විධානය කියා සිටියේ ඉරානයට සම්බන්ධ ඉලක්ක 85 කට පමණ ප්‍රහාර එල්ල කරන ලද බවයි.

පසුගියදා ජෝර්දානයේ හමුදා කඳවුරකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් ඇමරිකානුවන් තිදෙනකු මියගොස් තවත් තිහකට වැඩි පිරිසක් තුවාල ලැබුවා.