hit counter

2026 ජූලි මස 25 වන සෙනසුරාදා

2024 පෙබරවාරි 04, ප.ව. 8:05



රුසියාවේ මොස්කව් හි ඉන්දියානු තානාපති කාර්යාලයේ සේවය කරන සේවකයකු පාකිස්ථානයේ ඔත්තු සේවය වෙනුවෙන් සේවය කරන්නේය යන චෝදනාව මත අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සත්යේන්ද්‍ර සිවාල් නමැති මෙම තැනැත්තා ඉන්දියාවේ මීරත් හිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත ප්‍රති ත්‍රස්ත බලකාය විසින්.

මෙම තැනැත්තා පාකිස්ථානය වෙනුවෙන් ඔත්තු බලන බවට එම බලකාය වෙත තොරතුරු ලැබී තිබෙනවා. ඔහුගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුවයි එම බලකාය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ. දැනට වාර්තා වන පරිදි මෙම තැනැත්තා විශේෂයෙන්ම මිලිටරි කටයුතු පිළිබඳ තොරතුරු ලබාදී තිබුණා.

රුසියාව සහ ඉන්දියාව අතර දිගු කලක් තිස්සේ හමුදාමය කටයුතු ඇතුළු විවිධ ක්ෂේත්‍රයන් හි සමීප සබඳතාවයක් පවතිනවා. එමෙන්ම ඉන්දියානු විදේශ අමාත්‍ය සුබ්‍රමනියන් ජායිශංකර් මෑතකදී මොස්කව් හි නිල සංචාරයක ද නිරත වුණා.