2024 පෙබරවාරි 05, ප.ව. 5:49
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හයක මීට පෙර නිකුත් කර තිබූ උපරිම තොග සහ සිල්ලර මිල පරාස අද (5) සංශෝධනය කළ බව පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
ඒ,අනුව තොග මිල නිෂ්චිත මිලක් ලෙස ද, සිල්ලර මිල මිල පරාසයක් ලෙස ද, ප්‍රසිද්ධ කළ බවත් ඒ අනුව භාණ්ඩ මිලදී ගැනීමට පෙර සිල්ලර වෙළෙන්දාට සහ පාරිභෝගිකයාට වඩාත් සහනදායි ස්ථානයෙන් මිලදී ගැනීම කළ හැකි බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.
මෙහිදී වියළි මිරිස්, සුදු සීනි, ආනයනික හාල්මැස්සන්, ආනයනික ලොකු ලූණු, ආනයනික අර්තාපල් සහ මයිසූර් පරිප්පු යන භාණ්ඩලවල උපරිම තොග සහ සිල්ලර මිල අඩු කර ඇත.
ඒ, අනුව වියළි මිරිස් කිලෝවකට රුපියල් 870 ක, සුදු සීනි කිලෝවකට රුපියල් 265 ක, ආනයනික හාල්මැස්සන් කිලෝවකට රුපියල් 900 ක, ලොකු ලූණු කිලෝවකට රුපියල් 320 ක, අර්තාපල් කිලෝවකට රුපියල් 120 ක සහ පරිප්පු කිලෝවකට රුපියල් 295 ක තොග මිල නැවත ප්‍රසිද්ධ කර තිබෙනවා.
වියළි මිරිස් කිලෝවක් රුපියල් 950ත් 1200ත් අතර, සුදු සීනි කිලෝවක් රුපියල් 280 ත් 310 ත් අතර, හාල්මැස්සන් කිලෝවක් රුපියල් 1050 ත් 1400 ත් අතර, ලොකු ලූණු කිලෝවක් රුපියල් 360 ත් 420 ත් අතර, අර්තාපල් කිලෝවක් රුපියල් 180 ත් 250 ත් අතර සහ පරිප්පු කිලෝවක් රුපියල් 310 ත් 380 ත් අතර සිල්ලර මිලක් නම් කර ඇත.
මීන් පෙර මිල ප්‍රකාශයේදී වියළි මිරිස් කිලෝවකට රුපියල් 900 ක, සුදු සීනි කිලෝවකට රුපියල් 265 ක, ආනයනික හාල්මැස්සන් කිලෝවකට රුපියල් 1000 ක, ලොකු ලූණු කිලෝවකට රුපියල් 400 ක, අල කිලෝවකට රුපියල් 145 ක සහ පරිප්පු කිලෝවකට රුපියල් 290 ක තොග මිලක් ලෙස සඳහන් කර තිබුණා.
එමෙන්ම එහි වියළි මිරිස් කිලෝවක් රුපියල් 1100 ත් 1300 ත් අතර, සුදු සීනි කිලෝවක් රුපියල් 290 ත් 310 ත් අතර, හාල්මැස්සන් කිලෝවක් රුපියල් 1100 ත් 1500 ත් අතර, ලොකු ලූණු කිලෝවක් රුපියල් 450 ත් 570 ත් අතර, අල කිලෝවක් රුපියල් 180 ත් 210 ත් අතර සහ පරිප්පු කිලෝවක් රුපියල් 300 ත් 360 ත් අතර සිල්ලර මිල සටහන් වුණා.
2026 සැප්‍තැම්‍බර් 12, ප.ව. 2:11
2026 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 11:36
2026 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 10:33
2026 සැප්‍තැම්‍බර් 10, ප.ව. 2:37
2026 සැප්‍තැම්‍බර් 10, ප.ව. 12:01
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26