hit counter

2024 නොවැම්‍බර් මස 27 වන බදාදා

2022 ජූනි 15, ප.ව. 6:17



අම්බලන්තොට – උස්සන්ගොඩ මුහුදු තීරයේදී මුහුදු රළට හසුවූ සිව්දෙනෙකු අතුරින් තුන්දෙනෙකු දියේ ගිලී අනතුරට පත් වුණා.

එකම පවුලේ මව, පුතු සහ ඔවුන්ගේ ඥාති පුත්‍රයෙකු ඒ අතර සිටි බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

මවගේ සිරුර මේ වනවිට සොයාගෙන ඇති අතර, අතුරුදන්ව සිටින අනෙක් දෙදෙනා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචි අදාළ කාන්තාව, ඇගේ පුත්‍රයා සහ ඇගේ ඥාති පුතුන් දෙදෙනෙකු වැලිපටන්විල ප්‍රදේශයේ විහාරස්ථානයකට පැමිණ ඉන් අනතුරුව වෙරළට ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

කෙසේ වෙතත් මොවුන් අතුරින් 18 හැවිරිදි එක් පිරිමි ළමයෙකු නිරුපද්‍රිතව නැවත ගොඩට පැමිණ තිබෙනවා.

මියගිය මව 55 හැවිරිදි වියේ පසුවන අතර ඇයගේ පුත්‍රයා 16 හැවිරිදි වියේ පසුවනවා.

අතුරුදන් වූ අනෙක් තරුණයා 22 හැවිරිදි වියේ පසුවන බව සඳහන්.

අතුරුදන් වූවන් සෙවීම සඳහා ප්‍රදේශවාසීන්, නාවික හමුදාව සහ පොලීසිය එක්ව මෙහෙයුම් සිදුකරන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

Example Image