hit counter

2025 නොවැම්‍බර් මස 03 වන සඳුදා

2024 පෙබරවාරි 10, පෙ.ව. 12:08



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පර්ත් නුවර සිටින ශ්‍රී ලාංකික ඩයස්පෝරාව අතර හමුවක් සිදුව තිබෙනවා.

එහිදී ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීමේ උත්සාහය මෙන්ම ආර්ථිකය නවීකරණ සැලසුම් පිළිබඳ ජනාධිපතිවරයා සඳහන් කර තිබෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මෙහිදී, පර්ත් නුවර සිටින ශ්‍රී ලාංකික ඩයස්පෝරාව ප්‍රකාශ කළේ, දේශගුණික විපර්යාස, සංචාරක ව්‍යාපාරය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ සංවර්ධනය ඉදිරියට ගෙන යාම සඳහා රජයට අවශ්‍ය සහාය ලබාදීමට ඔවුන් සූදානම් බවයි.

මේ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍ය පෙනී වොන්ග් (Penny Wong) මහත්මිය අතර හමුවක් මීට සුළු මොහොතකට පෙර ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර දී සිදුව තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: