hit counter

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

2024 පෙබරවාරි 14, පෙ.ව. 11:38



ලෝකයේ වැඩිම ඡන්දදායකයන් ප්‍රමාණයක් එක් දිනකදී ඡන්දය පාවිච්චි කරන ඉන්දුනීසියානු මැතිවරණ අද දින පැවැත්වෙනවා.

මෙහිදී ජනාධිපතිවරණය මෙන්ම පාර්ලිමේන්තු මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණ ද පවත්වනු ලබනවා.

ඉන්දුනීසියානු ජනාධිපතිවරණය පිළිබඳ මෙහිදී විශේෂ අවධානයක් යොමුව තිබෙනවා. එහිදී ඉදිරියෙන් ම සිටින්නේ වත්මන් ආරක්ෂක ඇමති ජෙනරල් ප්‍රමෝවෝ සුබියන්තෝ යි. ඔහුගේ උප ජනාධිපති අපේක්ෂක සගයා ලෙස වත්මන් ජනාධිපති ජෝකෝ විදෝදෝගේ වැඩිමහල් පුත්‍රයා ඉදිරිපත්ව සිටිනවා.

ලෝකයේ වැඩිම මුස්ලිම් ජනගහනයක් වාසය කරන රට වන ඉන්දුනීසියාවේ මෙම මැතිවරණවලදී මිලියන 200 කට වැඩි පිරිසක් ඡන් දය භාවිතා කිරීමට සුදුසුකම් ලබා තිබෙනවා.