2024 පෙබරවාරි 20, ප.ව. 7:20
රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් විසින් උතුරු කොරියානු නායක කිම් ජොංග්-උන් වෙත සුඛෝපභෝගී මෝටර් රථයක් තෑගි කර තිබෙනවා.
ක්‍රෙම්ලිනය පවසන්නේ කිම් වෙත ත්‍යාග කරන ලද රථය ඉරිදා භාරදෙන ලද බවයි. එම රථය ත්‍යාග කිරීම පුටින් සහ කිම් ජොංග්-උන් අතර වන මිත්‍රත්වය පිළිබඳ සාධකයක් බව උතුරු කොරියානු නායකයාගේ නැගණිය කිම් යෝ-ජොංග් සඳහන් කළා.
රුසියානු සුඛෝපභෝගී මෝටර් රථයක් වන ඕරස් (Aurus) රථය මුලින්ම නිපදවන ලද්දේ රජයේ උසස් නිලධාරීන් උදෙසායි. එහෙත් පසුව ඔවුන් වෙළෙඳපොල සඳහා ද එම සන්නාමය යටතේ නම් රථයක් එළිදැක්වූවා. දැනට එය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ද නිපදවෙනවා.
2026 පෙබරවාරි 13, ප.ව. 10:08
2026 පෙබරවාරි 11, ප.ව. 2:43
2026 පෙබරවාරි 09, ප.ව. 4:16
2026 පෙබරවාරි 09, ප.ව. 4:04
2026 පෙබරවාරි 06, ප.ව. 11:59