hit counter

2024 දෙසැම්‍බර් මස 23 වන සඳුදා

2024 පෙබරවාරි 25, පෙ.ව. 11:02



2024 ඇමරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණය සඳහා රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයන් තෝරාගැනීමේ තරගයේ දකුණු කැරොලිනා ප්‍රාන්ත ප්‍රයිමරියෙන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පහසු ජයක් ලබා තිබෙනවා.

ට්‍රම්ප්ට සියයට 60 ක පමණ ඡන්ද ප්‍රමාණයක් ලැබී ඇති අතර ඔහුට අභියෝග කළ නිකී හේලි සියයට 39 ක පමණ ඡන්ද ප්‍රමාණයක් ලබා තිබෙනවා. සමස්ථ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 90 කට වඩා මේ වනවිට ගණන් කර අවසන්.

ප්‍රාන්ත ප්‍රයිමරියේ නීති රීති අනුව එම ප්‍රාන්තය ජයගන්නා අපේක්ෂකයාට ප්‍රාන්තයේ නියෝජිතයන් සියළුදෙනාම ලැබෙන හෙයින් ඩොනල්ඩ් ට්‍රම්ප්ට එම නියෝජිතයන් 44 දෙනාම ලැබෙනු ඇති.

නිකී හේලි දකුණු කැරොලිනාවේ හිටපු ආණ්ඩුකාරවරියක වීම මෙහිදී විශේෂ කරුණක් වනවා. ඇය ප්‍රාන්තයේ ජනප්‍රිය අයකු වුවද ජනාධිපතිවරණ සටනේ දී ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය සමග තරග කිරීමට ඇයට අපහසු වී තිබෙනවා.