2024 පෙබරවාරි 25, ප.ව. 2:42
ශ්‍රී ලංකා මහ බැංකු සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී දැඩි කතාබකට ලක් වුණා.
ඒ සම්බන්ධයෙන් සිය අවධානය යොමුවූ බව නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කරනවා.
මහ බැංකුව පවසන්නේ, එම වැටුප් වැඩි කිරීම ශ්‍රී ලංකා මහ බැංකු පාලක මණ්ඩලයේ අනුමැතිය සහිතව වෘත්තිය සමිති හා එළැඹ ඇති එකඟතා ගිවිසුමට අනුකූලව සිදුකර ඇති බවයි.
මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා ලිඛිතව අවස්ථාව ඉල්ලන ලෙස පාලක මණ්ඩලය කළ දැනුම්දීම අනූව මුදල් අමාත්‍යවරයා ලෙස ද කටයුතු කරන ජනාධිපතිවරයා වෙත 22 වනදා මහ බැංකු අධිපති ලිපියක් යොමු කළ බව අදාළ නිවේදනයේ සඳහන්.
එමෙන්ම එම අවස්ථාව ලැබුණු පසු සුදුසු පාර්ලිමේන්තු කමිටුවක් ඔස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ව දැනුවත් කිරීමට මහ බැංකුව සූදානමින් පසුවන බව එහි දැක්වේ.

2026 මැයි 12, ප.ව. 3:33
2026 මැයි 11, ප.ව. 1:41
2026 මැයි 11, පෙ.ව. 10:40
2026 මැයි 10, ප.ව. 5:38
2026 මැයි 08, ප.ව. 5:10
12-05-26
12-05-26
12-05-26
12-05-26
12-05-26
12-05-26
12-05-26
12-05-26
12-05-26
12-05-26
11-05-26
11-05-26
11-05-26
11-05-26
11-05-26
11-05-26
11-05-26
11-05-26
11-05-26
11-05-26
11-05-26
11-05-26
10-05-26
10-05-26