2024 පෙබරවාරි 26, පෙ.ව. 12:19
රථ වාහන වැරැදි සම්බන්ධව රාත්‍රි කාලයේදී දඩ මුදල් ගෙවීමේ පහසුකම පිට පළාත්වල තෝරාගත් තැපැල් කාර්යාලවල මාර්තු 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි තැපැල්පති රුවන් සත්කුමාර මහතා පවසනවා.
බස්නාහිර පළාතේ තැපැල් කාර්යාල 13 කදී රාත්‍රි කාලයේ දී දඩ මුදල් ගෙවීමේ පහසුකම් දැනටමත් ක්‍රියාත්මක බවයි ඔහු කියා සිටියේ.
එම තැපැල් කාර්යාලවලදී රාත්‍රි රාජකාරී කටයුතුවලට අමතරව දඩ මුදල් ගෙවීමේ පහසුකම පමණක් හිමි වනවා.
මීට අමතරව දිවයිනේ අනෙකුත් පළාත්වල තැපැල් කාර්යාල කීපයක්ද රාත්‍රි 8.00 දක්වා විවෘත කර දඩ මුදල් ගෙවීමේ පහසුකම ලබා දීමට නියමිත බවයි පැවසෙන්නේ.
ඊට අමතරව තෝරාගත් තැපැල් කාර්යාල කීපයකදී පැය 24 පුරාම දඩ මුදල් ගෙවීමේ පහසුකම දීමටද සැලසුම් කර තිබේ.
තැපැල්පතිවරයා වැඩිදුරටත් පැවසුවේ, මීට අදාළ චක්‍රලේඛය ඉදිරි දිනකදී නිකුත් කිරීමට නියමිත බවයි.
2026 ජනවාරි 01, පෙ.ව. 12:34
2026 ජනවාරි 01, පෙ.ව. 12:23
2026 ජනවාරි 01, පෙ.ව. 12:18
2026 ජනවාරි 01, පෙ.ව. 12:15
2026 ජනවාරි 01, පෙ.ව. 12:13
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25