hit counter

2026 මාර්තු මස 13 වන සිකුරාදා

2024 පෙබරවාරි 26, පෙ.ව. 12:03



ශ්‍රී ලංකාවට ඉතා ඉක්මනින් යළි ජපාන වාහන ආනයනය ආරම්භ කරන බව ජපානයේ වාහන සමාගම් නියෝජිතයින් විසින් මෙරට වාහන ආනයනකරුවන්ට දන්වා ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

ශ්‍රී ලංකා රජය සමග සිදුකරන ලද සාකච්ඡාවලදි මේ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාර ලැබී ඇති බව ජපන් රජය පාර්ශවයෙන් දන්වා ඇතැයිද ඔවුන් සඳහන් කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවතින එකඟතාවන් අනුව මෙම අවස්තාව හිමි වනු ඇති බව ඔවුන් පෙන්වා දී තිබෙනවා.

කෙසේ වෙතත් මෙරට වාහන ආනයනකරුවන් වාහන ආනයනයට යළි අවස්ථාව ලබා දෙන්නැයි අවස්ථා ගණනාවකදීම මෙරට බලධාරීන්ගෙන් ඉල්ලා සිටියද ඊට නිසි ප්‍රතිචාරයක් නොලැබිණි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: