2024 පෙබරවාරි 28, ප.ව. 2:49
රුසියානු හමුදා විසින් යුක්‍රේනය පරාජය කිරීමේ ඉඩක් මතුවුවහොත් එරටට හමුදා යැවීමේ ඉඩක් පිළිබඳ ඊයේ කතාබහක් ඇතිවුණා. ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් පවසා තිබුණේ සියළු විකල්ප පිළිබඳ සලකාබැලිය යුතු බවයි.
කෙසේ වෙතත් ඊයේ යුක්‍රේනයට සහය ලබාදීම පිළිබඳ පැරිසියේදී පැවති රැස්වීමෙන් අනතුරුව බොහොමයක් යුරෝපා රටවල නායකයින් එම ප්‍රකාශයෙන් ඈත්වන බවක් පෙනෙන්නට තිබෙනවා. ජර්මන් චාන්සලර් ඔලාෆ් ශොල්ට්ස් සඳහන් කළේ යුක්‍රේනයට හමුදා යැවීමේ කැමැත්තක් බොහෝ යුරෝපා රටවලට නොමැති බවයි.
මේ අතර ස්වීඩනය, පෝලන්තය, චෙක් ජනරජය සහ ෆින්ලන්තය ආදී රටවල් කිහිපයකම නායකයින් එම තීරණය සමග එකඟ නොවන බවක් පෙන්නුම් කළා. ඔවුන් සියල්ලන්ම කියා සිටියේ හමුදා යැවීමේ අදහසක් තමන්ට නොමැති බවයි.
2026 සැප්තැම්බර් 06, ප.ව. 10:53
2026 සැප්තැම්බර් 06, ප.ව. 10:34
2026 සැප්තැම්බර් 01, ප.ව. 2:18
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48