hit counter

2025 මාර්තු මස 11 වන අඟහරුවාදා

2024 මාර්තු 01, ප.ව. 6:34



බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ රොච්ඩේල් ආසනය සඳහා ඊයේ පැවති අතුරු මැතිවරණයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝර්ජ් ගැලොවේ සියයට 40 කට ආසන්න ඡන්ද සංඛ්‍යාවක් ලබාගනිමින් ජයග්‍රහණය කළා.

සැලකියයුතු මුස්ලිම් ජනගහනයක් වසන රොච්ඩේල් හි ඔහු තරග කළේ ගාසා හි සිදුවන ඝාතනවලට එරෙහි වන පදනමක් මතයි.

එම ආසනයෙහි ලේබර් පක්ෂ අපේක්ෂකයාට සහය දීමෙන් වැළකී සිටීමට එම පක්ෂය පසුගියදා ගන්නා ලද තීරණය හේතුවෙන් ගැලොවේට ජයග්‍රහණය කිරීම පහසු වුණා. ලේබර් අපේක්ෂකයා වූ අසාර් අලී සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් හේතුවෙන් ලේබර් පක්ෂය ඔහුට සහය දීමෙන් ඉවත් වුණා. ඊශ්‍රායලය සිය ආරක්ෂාව අඩු කර ඔක්තෝබර් 7 ප්‍රහාරය සඳහා මාර්ගය විවර කළේ යයි අසාර් අලී පවසා තිබුණා.

මෙම අතුරු මැතිවරණයේදී කොන්සර්වේටිව පක්ෂය තුන්වන ස්ථානයට පත්වීමත් වැදගත් සිදුවීමක් වූ අතර ස්වාධීන අපේක්ෂකයකු වූ ඩේවිඩ් ටලී දෙවන ස්ථානයට පැමිණියා.