hit counter

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

2024 මාර්තු 01, ප.ව. 11:29



ක්‍රිමියානු අර්ධද්වීපය රුසියාවේ ක්‍රස්නදාර් පළාත වෙත සම්බන්ධ කෙරෙන ක්‍රිමියානු පාලමට පහරදීම පිළිබඳව ජර්මනි නිලධාරීන් පිරිසක් සාකච්ඡා කළ බවට රුසියාවේRT ආයතනයේ ප්‍රධානී මාගරීතා සිමොන්යාන් පවසනවා.

ඇය සඳහන් කරන්නේ එම සාකච්ඡාවේ හඬපටයක් ඇය වෙත ලැබී ඇති බවයි. සාකච්ඡාවේ ලිඛිත පිටපතක් ඇය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබුණා.

එම සාකච්ඡාව අනුව ජර්මානු නිලධාරීන් බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය විසින් යුක්‍රේනයට ලබාදී ඇති ස්ටෝර්ම් ෂැඩෝ හෙවත් මිසයිල භාවිතා කර පාලම විනාශ කිරීම පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා.

එමෙන්ම ජර්මනියේ ටෝරිස් මිසයිල යුක්‍රේනියානුවන් වෙත ලබාදීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

ජර්මන් නිලධාරීන් සාකච්ඡා කළ කරුණු අතර තමන් නොගෑවී යුක්‍රේනියානුවන්ට පුහුණුව ලබාදීම පිළිබඳ ද කරුණු කතාබහට ලක්ව ඇති බවයි කියැවෙන්නේ.