2024 මාර්තු 05, ප.ව. 11:30
රුසියානු නාවික හමුදාවේ සර්ගේයි කොටොව් නම් නෞකාව යුක්‍රේන ප්‍රහාරයකින් ගිලාබත්වූ බව වාර්තා වනවා.
යුක්‍රේන මුහුදු ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් එම නෞකාව විනාශ වී ඇති බවයි සඳහන් වන්නේ. මෙම ප්‍රහාරය එල්ල වූයේ ක්‍රිමියා අර්ධද්වීපයට නැගෙනහිරින් සිදුවූ ප්‍රහාරයක් අවස්ථාවේ යි. ඇතැම් වාර්තාවන් අනුව නෞකාව ෆියදෝසියා නගරයෙන් නැගෙනහිරට වන්නට තිබුණු අවස්ථාවක ප්‍රහාරය එල්ල වූ බව සඳහන් කර තිබුණා. එමෙන්ම නෞකාව තකිල් තුඩුවට ඔබ්බෙන් කර්ච් සමුද්‍ර සන්ධියේ දී ප්‍රහාරයට ලක්වූ බවට ද වාර්තා පළව තිබුණා.
එම මුහුදු ඩ්‍රෝන ක්‍රිමියා පාලම දෙසට පහරදීමට ද අරමුණු කළේ යයි සැක කෙරෙන අතර පාලම දෙසට ද එල්ල වීමට ගිය ප්‍රහාරයක් වැළකුණේ යයි ඇතැම් විශ්ලේෂකයන් අනුමාන කළා.
2026 සැප්තැම්බර් 06, ප.ව. 10:53
2026 සැප්තැම්බර් 06, ප.ව. 10:34
2026 සැප්තැම්බර් 01, ප.ව. 2:18
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48