hit counter

2026 ජූලි මස 25 වන සෙනසුරාදා

2024 මාර්තු 08, පෙ.ව. 8:34



චීනයට ඇමරිකාවේ හමුදා රහස් විකිණූ චෝදනාව මත ඇමරිකා එක්සත් ජනපදයේ 101 එයාර්බෝර්න් ඩිවිෂනයේ සාර්ජන්ට්වරයකු වන කොර්බෙයින් ෂුල්ට්ස් නමැත්තා අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු මේ සඳහා අවස්ථා 14 කදී ඇමරිකන් ඩොලර් 42,000 ක් ලබාගෙන ඇති බවයි කියැවෙන්නේ. එමෙන්ම එම කටයුත්ත අවුරුදු දෙකකට ආසන්න කාලයක් මුළුල්ලේ සිදුකර ඇති බව ද සඳහන්.

ඔහු විසින් ලබා දී ඇති තොරතුරු අතර F-22 රැප්ටර් ස්ටෙල්ත් ප්‍රහාරක ගුවන් යානය​, හමුදා හෙලිකොප්ටර් සහ අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිල පිළිබඳ තොරතුරු වන්නේ යයි සඳහන්.

ටෙක්සස් ප්‍රාන්තයේ වැසියකු වන 24 හැවිරිදි ෂුල්ට්ස් යුධ හමුදාවට බැඳී ඇත්තේ 2018 නොවැම්බරයේදී යි.