2024 මාර්තු 09, ප.ව. 1:10
යුක්‍රේනයට හමුදා යැවීම පිළිබඳ කෙරෙන කතාබහ නැවැත්විය යුතු බවත් කිසිදු නේටෝ රටකට ඒ සඳහා අවශ්‍යතාවයක් නොමැති බවත් ජර්මන් ආරක්ෂක ඇමති බොරිස් පිස්ටෝරියස් පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ යුධ අභ්‍යාසයක් සඳහා ෆින්ලන්තයට ගොස් සිටින ජර්මන් සෙබළුන් හමුවීමට එහි ගිය අවස්ථාවේයි.
මෙම ගමනේදී ඔහු ෆින්ලන්ත ආරක්ෂක ඇමති අන්ටී හක්කානෙන් ද හමුවුණා. ෆින්ලන්ත ඇමතිවරයා ද ප්‍රකාශ කළේ මේ අවස්ථාවේ කිසිවකුත් යුක්‍රේනයට හමුදා යැවීමේ යෝජනාවට සහය නොදක්වන බවයි.
රුසියාවට යුද්ධයෙන් ජයගැනීමට ඉඩ නොදිය යුතු බවත් කිසියම් ආකාරයකින් යුක්‍රේනය පරාජය වේ යයි දිස්වන්නේ නම් හමුදා යැවීම කෙරේ නේටෝ රටවල් කල්පනා කළ යුතු බවත් ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් පසුගියදා සඳහන් කළා.
කෙසේ වෙතත් එම ප්‍රකාශයට අනෙකුත් නේටෝ රටවල විශාල සහයක් ලැබුණේ නැහැ. ජර්මනිය කියා සිටින්නේ හැකිතරම් කඩිනමින් යුක්‍රේනයට අවශ්‍ය යුධ ආයුධ යැවීමට බටහිර රටවල් කටයුතු කළ යුතු බවයි.
2025 අප්‍රේල් 21, ප.ව. 2:18
2025 අප්‍රේල් 20, ප.ව. 7:06
2025 අප්‍රේල් 08, ප.ව. 5:41
2025 අප්‍රේල් 03, ප.ව. 8:58
2025 මාර්තු 31, ප.ව. 5:53