2024 මාර්තු 10, පෙ.ව. 11:19
රුසියාව විසින් යුක්‍රේනයේ සිදුකිරීමට ඉඩ තිබූ න්‍යෂ්ටික ප්‍රහාරයක් පිළිබඳ අවදානම කෙරෙහි ඇමරිකාව 2022 දී ම බරපතල ලෙස සූදානම් වූ බව CNN පුවත් සේවය පවසනවා.
අභ්‍යන්තර ආරංචිමාර්ග උපුටා දක්වමින් එම ආයතනය කියා සිටින්නේ 2022 ගිම්හානයේ සහ සරත් සමයේදී මේ පිළිබඳව ජාතික ආරක්ෂක කවුන්සිල රැස්වීම් කිහිපයක්ම පවත්වන ලද බවයි.
සටන් පෙරමුණේ සිදුවූ පසුබැසීම් සහ විශේෂයෙන්ම කර්සොන් නගරය අතැර දැමීමට රුසියාවට සිදුවීම නිදහසට කරුණක් කරගෙන මෙවන් ප්‍රහාරයක් එල්ල කරනු ඇතැයි සැකයක් වූ බවයි එම නිලධාරීන් CNN සමග පවසා ඇත්තේ. තවද මේ පිළිබඳ යම් යම් බුද්ධි තොරතුරු ඇමරිකානුවන්ට ලැබී තිබුණ බව ද වාර්තා වනවා.
මේ අතර එකළ රුසියාව විසින් යුක්‍රේනය සතුව ඇති “අපිරිසිදු බෝම්බයක්” පිළිබඳ නිරන්තර චෝදනා එල්ල කිරීම ද න්‍යෂ්ටික ප්‍රහාරයක් සඳහා නිදහසට කරුණු නිර්මාණය කිරීමේ උත්සාහයක් ලෙස ඇමරිකන් බලධාරීන් දුටු බවයි සඳහන් වන්නේ.
කෙසේ වෙතත් රුසියාව න්‍යෂ්ටික ප්‍රහාරයක් සඳහා පියවර ගන්නා බවක් බුද්ධි තොරතුරු මගින් දැනගන්නට නොලැබුණ බව ද එම නිලධාරීන් පවසා තිබෙනවා.
2025 අප්‍රේල් 21, ප.ව. 2:18
2025 අප්‍රේල් 20, ප.ව. 7:06
2025 අප්‍රේල් 08, ප.ව. 5:41
2025 අප්‍රේල් 03, ප.ව. 8:58
2025 මාර්තු 31, ප.ව. 5:53