2024 මාර්තු 11, ප.ව. 9:55
හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවතත් ඇමරිකානු ජනාධිපති බවට පත්වුවහොත් යුක්‍රේනයට නිශ්ඵල ලෙස යුධ ආධාර ලබාදීම නවතනු ඇතැයි හන්ගේරියානු අගමැති වික්ටර් ඔර්බාන් පවසා තිබෙනවා.
පසුගියදා ට්‍රම්ප් හමුවූ අවස්ථාවේ හුවමාරු වූ කරුණු පිළිබඳ අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවා.
යුරෝපයට තනිව යුක්‍රේනයට උපකාර කළ නොහැකි බවත් එහෙයින් යුක්‍රේනයට සාකච්ඡා මාර්ගය කරා එළඹීමට බල කෙරෙනු ඇති බවත් ඔර්බාන් කියා සිටිනවා.
එමෙන්ම තම ආරක්ෂාව සලසා ගැනීම සඳහා යුරෝපය දැනට වඩා අවධානය ලබාදිය යුතු යයි ද ඔර්බාන් පවසනවා.
යුක්‍රේනයට යුධ ආධාර ලබාදීම සඳහා ඇමරිකානු කොන්ග්‍රසය වෙත ඉදිරිපත් වූ යෝජනා මේ වනවිට අනුමත නොවන තත්ත්වයකට පත්ව තිබෙනවා. ඇතැම් රිපබ්ලිකන් පාක්ෂිකයන් ඊට විරෝධය දක්වන අතර ඔවුන් ඉදිරිපත් කරන තර්කය වන්නේ ඇමරිකා-මෙක්සිකෝ දේශසීමාව ආරක්ෂා කිරීමට ප්‍රමාණවත් ලෙස වියදම් නොකර යුක්‍රේනය වෙනුවෙන් වියදම් කිරීම ඇමරිකාවේ අවශ්‍යතාවයන්ට අදාල නොවන බවයි.
2026 සැප්තැම්බර් 06, ප.ව. 10:53
2026 සැප්තැම්බර් 06, ප.ව. 10:34
2026 සැප්තැම්බර් 01, ප.ව. 2:18
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48