hit counter

2026 ජනවාරි මස 27 වන අඟහරුවාදා

2024 මාර්තු 14, පෙ.ව. 12:18



පාසල්වල 8, 9,10, 11, 12, සහ 13 ශ්‍රේණි සඳහා තොරතුරු තාක්ෂණ විෂය ධාරාව සමඟ කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence) හඳුන්වා දෙන බව අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ,ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයට සිය වසක් සම්පූර්ණ වීම නිමිත්තෙන් එහි පැවති සමරු උත්සවයට එක්වෙමින්.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, තොරතුරු තාක්ෂණ විෂය මාලාව සංශෝධනය කිරීමට මේ වන විට කටයුතු යොදා ඇති බවත් එහි නියමු ව්‍යාපෘතිය එළඹෙන මාර්තු 19 වන දා පාසල් 17 ක් සම්බන්ධ කර ගනිමින් ආරම්භ කරන බවත්ය.

එමෙන්ම මේ සඳහා අධ්‍යාපන අමාත්‍යංශය සමඟ Microsoft ආයතනය එක්ව සිටින බවත් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව විෂය දැනුම මෙරට දරුවන්ට ලබා දීමට ඒ අනුව හැකිවන බවත් ඔහු අවධාරණය කර සිටියා. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: