2024 මාර්තු 15, පෙ.ව. 8:06
රුසියාවේ ජනාධිපතිවරණය අද ඇරඹෙනවා. මේ වනවිට ද එරට ඈත පෙරදිග ප්‍රදේශයන් හි ඡන්ද පොළවල් විවෘත බවයි වාර්තා වන්නේ. ජනාධිපතිවරණය දින තුනක් මුළුල්ලේ පවත්වනු ලබනවා.
මැතිවරණය සඳහා අපේක්ෂකයන් සිව් දෙනකු ඉදිරිපත්ව සිටිනවා. එක්සත් රුසියාව පක් ෂයේ සහය ලබන ස්වාධීන අපේක්ෂකයකු ලෙස සැලකෙන ජනාධිපති ව්ලදිමීර් ව්ලදිමිරෝවිච් පූතින්, කොමියුනිස්ට් පක්ෂ අපේක්ෂක නිකොලායි මිහායිලවිච් හරිතෝනෆ්, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ලියොනිද් එදුවාර්දවිච් ස්ලුත්ස්කි සහ නව ජනතාව පක්ෂයේ ව්ලදිමීර් අන්ද්‍රයේවිච් දවාන්කෆ් මෙම සිව් දෙනායි.
මෙයින් දවාන්කව් තවමත් 40 හැවිරිදි වන තරුණ අපේක්ෂකයකු වනවා. ස්ලුත්ස්කි ජාතිකවාදියකු ලෙස සැලකෙන අතර ඔහුගේ පක්ෂය එහි ආරම්භක නායක ව්ලදිමීර් ජිරිනෝව්ස්කිගේ මරණින් පසුව මුහුණදෙන පළමු ජනාධිපතිවරණය මෙයයි. හරිතෝනෆ් ද මෙයට පෙර එක් වතාවක් ජනාධිපතිවරණයක තරග කර තිබෙනවා.
කෙසේ වෙතත් මෙම ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අපේක්ෂා කළ ලිබරල්වාදී යයි සැලකෙන අපේක්ෂකයන් කිහිපදෙනකුටම එම අවස්ථාව හිමි නොවීම විවාදාත්මක කරුණක් වුණා.
2026 සැප්තැම්බර් 06, ප.ව. 10:53
2026 සැප්තැම්බර් 06, ප.ව. 10:34
2026 සැප්තැම්බර් 01, ප.ව. 2:18
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48