hit counter

2025 අගෝස්‍තු මස 05 වන අඟහරුවාදා

2024 මාර්තු 17, පෙ.ව. 9:29



යුක්‍රේනයේ හමුදා ශක්තිමත් වන බවත් රුසියානු ප්‍රහාර මැඩලීමට අවශ්‍ය හැකියාව ඊට ලැබී ඇති බවත් ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසනවා.

ඊයේ යුක්‍රේන සන්නද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් ඔලෙක්සන්දර් සිර්ස්කි සමග කළ සාකච්ඡාවකින් අනතුරුව ඔහු මේ බව සඳහන් කළා.

තවද රුසියානු යුධ යාන්ත්‍රණයේ දුර්වල ස්ථාන තමන් හඳුනාගෙන ඇති බවත් ඔහු කියා සිටියා. ඩ්‍රෝන ප්‍රහාර මගින් රුසියාවේ අභ්‍යන්තරයේ හානි සිදුකිරීමේ හැකියාව වර්ධනය කරගෙන ඇති බව පවසන සෙලෙන්ස්කි තම ආරක්ෂක බලය දිගටම ගුවනෙහි රඳවන බව ද කියා සිටියා.

යුක්‍රේන ප්‍රහාර මගින් පසුගිය දිනවල රුසියාවේ තෙල් පිරිපහදු කිහිපයකට හානි සිදුව තිබුණා.