2024 මාර්තු 18, පෙ.ව. 10:50
පාකිස්ථාන ගුවන් හමුදාව අද ඇෆ්ඝනිස්ථානයේ පක්ටියා සහ කොස්ට් පළාත්වල ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ බවට වාර්තා වනවා.
පාකිස්ථාන වෙලාවෙන් අද අලුයම 4 ට පමණ එල්ල වූ මෙම ප්‍රහාරයන් හි එක් ඉලක්කයක් වූයේ තෙහෙරීක්-ඊ-තලේබාන් පාකිස්ථාන් ත්‍රස්ත කණ්ඩායමේ නායකයකු වන අබ්දුල්ලා ෂා නමැත්තකුගේ නිවස බවයි සඳහන් වන්නේ.
කෙසේ වෙතත් තෙහෙරීක්-ඊ-තලේබාන් පාකිස්ථාන් සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ මෙම ප්‍රහාරය එල්ල වූයේ සරණාගත කඳවුරු වෙත බවයි.
ඊයේ ඇෆ්ඝන්-පාකිස්ථාන දේශසීමාවේ හමුදා මුරපලක් වෙත එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස පාකිස්ථාන ගුවන් හමුදාව විසින් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි අනුමාන කෙරෙනවා.
2026 මාර්තු 27, ප.ව. 2:14
2026 මාර්තු 18, ප.ව. 5:47
2026 මාර්තු 16, ප.ව. 1:17
2026 මාර්තු 16, ප.ව. 1:00
2026 මාර්තු 14, ප.ව. 2:54