hit counter

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

2024 මාර්තු 19, පෙ.ව. 1:04



රුසියානු-යුක්‍රේන දේශසීමාවෙහි ආරක්ෂිත කලාපයක් ස්ථාපනය කිරීම තම රටෙහි ආරක්ෂාව සඳහා වැදගත් විය හැකි යයි රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් පවසනවා.

එරට ජනාධිපතිවරණයෙහි ජයග්‍රහණය ඔහුට හිමිවේ යයි වාර්තා වූ පසු මාධ්‍යවේදීන් ඇමතූ ඔහු කියා සිටියේ දේශසීමාව හරහා එල්ල වන ප්‍රහාර මෙන්ම දුර පරාසයන් කරා ගමන් කළ හැකි අවිවලින් එල්ල වන ප්‍රහාරයන් ගෙන් සිය රට ආරක්ෂා කිරීමට එවන් ආරක් ෂිත කලාපයක් වැදගත් වනු ඇති බවයි.

නොබෝදා යුක්‍රේනයේ සහය ලබන පැරාමිලිටරි කණ්ඩායම් කිහිපයක් දේශසීමාව ඔස්සේ රුසියානු පළාත් දෙකක ස්ථාන කිහිපයක් වෙත පහර දුන්නා. රුසියාව කියා සිටියේ එම ප්‍රහාර ව්‍යර්ථ කළ බවයි.