2024 මාර්තු 20, ප.ව. 5:28
වියට්නාමයේ ජනාධිපති වෝ වෑන් තුඔංග් ඉල්ලා අස්වීමට කටයුතු කළ බව එරට පාලක වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව නිවේදනය කළා.
මධ්‍යම කාරක සභාව තවදුරටත් සඳහන් කළේ ඔහුගේ ක්‍රියාකලාපයන් කොමියුනිස්ට් පක්ෂයේ කීර්ති නාමයට හානියක් වී ඇති බවයි.
ජනාධිපති වෝ තනතුරට පත්වූයේ 2023 මාර්තු මාසයේදී යි. ඊට දෙමසකට පෙර ඔහුගේ පූර්වයා වූ නුයෙන් සන් ෆූක් ද දූෂණ චෝදනා මත ඉල්ලා අස්වුණා.
වියට්නාමයේ වසර අටක පමණ කාලයක් මුළුල්ලේ දූෂණ විරෝධී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන අතර එරට ප්‍රබලයින් ගණනාවකටම එම විමර්ශන හේතුවෙන් තනතුරු අහිමිව තිබෙනවා.
වියට්නාමයේ ජනාධිපති තනතුර එතරම් බලයක් නොමැති නාමමාත්‍ර තනතුරක් වනවා.
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:53
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:34
2026 සැප්‍තැම්‍බර් 01, ප.ව. 2:18
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48