hit counter

2026 ජූලි මස 25 වන සෙනසුරාදා

2024 මාර්තු 20, ප.ව. 11:23



රුසියාව පරාජය කිරීම සඳහා යුක්‍රේනයට නේටෝ හමුදා එවීම අවශ්‍ය නැති බව යුක්‍රේන විදේශ ඇමති දිමිත්‍රි කුලේබා පවසනවා. ඔහු කියා සිටින්නේ අවි ආයුධ ලබාදෙන්නේ නම් තමන්ට යුද්ධය ජයගත හැකි බවයි.

යුක්‍රේනය රුසියාව හමුවේ පරාජය වේ යයි හැඟුණහොත් බටහිර හමුදා එරට වෙත යැවීමට පවා සූදානම් විය යුතුය යනුවෙන් ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් නොබෝදා සඳහන් කළා. නමුත් යුක්‍රේන විදේශ ඇමතිවරයා පවසන්නේ මැක්‍රොන්ගේ අදහස වැරදි ලෙස තේරුම් ගෙන ඇති බවයි.