2024 මාර්තු 24, ප.ව. 12:36
මහ බැංකුවේ නිලධාරීන්ගේ වැටුප් වැඩිවීමට සමගාමීව රාජ්‍ය සේවයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ටද රුපියල් ලක්ෂයක මාසික දීමනාවක් ලබාදෙන්නැයි ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර සිටිනවා.
සමස්ත රාජ්‍ය සේවයේ විධායක ශ්‍රේණියේ නිලධාරිහු දහතුන්දහසක් සිටියි.
මීට පෙර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් එම නිලධාරීන්ට රුපියල් පහළොස්දහසක විශේෂ මාසික දීමනාවක් ලබාදීමට 2019 වසරේ ඔක්තෝබර් මස 01 වැනිදා කැබිනට් අනුමැතිය හිමිව තිබුණා.
ඒ අනුව, 2020 ජනවාරි 01 වැනිදා සිට එය ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කළද රජයට මුදල් නොමැති බව පවසා පසුව එය අවලංගු කෙරිණි.
එවැනි පසුබිමක මහ බැංකුවේ නිලධාරීන්ගේ වැටුප් ඉහළ අගයකින් වැඩි කිරීමට හැකියාවක් පවතින්නේ නම් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් පමණක් වැඩි කිරීමට නොහැකි ඇයිදැයි ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය ආණ්ඩුවෙන් ප්‍රශ්න කර සිටිනවා.
එම නිසා පළමු ඉල්ලීම වශයෙන් ජීවන වියදමට සරිලන ලෙස සමස්ත රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි කිරීමත්, දෙවැනි ඉල්ලීම ලෙස විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට රුපියල් ලක්ෂයක මාසික දීමනාවක් ලබාදෙන ලෙසත් එම සංගමය ඉල්ලීම් කරයි.
එම සංගමය ආණ්ඩුවට අනතුරු අඟවා ඇත්තේ, මෙම ඉල්ලීම් වෙත ආණ්ඩුව අවධානය යොමු නොකරන්නේ නම් එළැඹෙන සතියේදී දැඩි වෘත්තිය ක්‍රියාමාර්ග සඳහා අවතීර්ණ වන බවටයි.
2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26