2024 මාර්තු 25, පෙ.ව. 11:14
සෙවස්තෝපල් නගරයේ නවතා තිබූ රුසියානු යුධ නැව් දෙකකට පහරදුන් බව යුක්‍රේනය ඊයේ කියා සිටියා. ඒ අනුව ප්‍රහාර එල්ල වී ඇත්තේ අසෝෆ් සහ යමාල් යන නෞකා දෙකටයි.
කෙසේ වෙතත් මෙම නෞකා නිරුපද්‍රිතව තිබෙන බව රුසියානු පාක්ෂික මාධ්‍ය විසින් වාර්තා කර තිබෙනවා.
මේ අතර ඊයේ යුක්‍රේනයේ කියෙෆ් සහ ල්විව් වෙත රුසියානු මිසයිල ප්‍රහාර 60 කට ආසන්න ප්‍රමාණයක් එල්ල වුණා. මෙම මිසයිලවලින් එකක් තත්ත්පර 39 ක කාලයක් පෝලන්ත ගුවන් සීමාවට ඉහළින් ඇදී ගිය බව පෝලන්තය සඳහන් කර තිබුණා. මේ පිළිබඳව පෝලන්තය රුසියාවෙන් කරුණු විමසා තිබෙනවා.
2026 සැප්තැම්බර් 06, ප.ව. 10:53
2026 සැප්තැම්බර් 06, ප.ව. 10:34
2026 සැප්තැම්බර් 01, ප.ව. 2:18
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48