2024 මාර්තු 25, ප.ව. 12:15
මොස්කව් නගරයේ ක්‍රෝකුස් සිටි හෝල් හි මාර්තු 22 රාත්‍රියේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය අවස්ථාවේ සිය ගණනක් දෙනා ආරක්ෂිත ස්ථානයකට යොමු කිරීමට හැකි වූ 15 හැවිරිදි ගැටවරයකු පිළිබඳ රුසියානු මාධ්‍ය වාර්තා කරනවා.
ක්‍රෝකුස් සිටි හෝල් හි පිටතින් එන අයගේ කබා රඳවා තබන ස්ථානයක (cloakroom) අර්ධ කාලීනව සේවය කරන ඉස්ලාම් හලීලෆ් (Islam Khalilov) නම් මෙම ගැටවරයා ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී එම ස්ථානයෙන් විශාල පිරිසක් වෙනත් තැනකට යොමු කරන්නට සමත්ව තිබෙනවා.
පුද්ගලයන් එස්කලේටරය දෙසින් සහ පියගැටපෙළ දෙසින් වේගයෙන් පළායන අවස්ථාවේ කිසියම් සිද්ධියක් සිදුවෙමින් ඇති බව තමා වටහාගත්තේ යයි හලීලෆ් කියා සිටිනවා. ඔහු වහාම ප්‍රවේශ ශාලාව වෙත පැමිණෙන පිරිස් වෙත හඬ නගා අමතා ඇති අතර වෙනත් මාර්ගයකින් ගොඩනැගිල්ලේ වෙනත් කොටසක් වෙත ඔවුන් යොමු කළේ යයි කියා සිටිනවා.
කලබලය අස්සේ බොහෝ දෙනා කොහේ යන්නද, කුමක් කරන්නද යයි වටහාගත නොහැකිව ව්‍යාකූලව සිටි බවයි හලීලෆ් පෙන්වා දෙන්නේ. තමන් ද එක් අවස්ථාවක එක් ත්‍රස්තවාදියකු යන්තමින් දුටු බවත්, තමා ද සිටියේ බෙහෙවින් බියට පත්ව බවත් හලීලෆ් කියා සිටිනවා.
ක්‍රෝකුස් සිටි හෝල් ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 137 දක්වා ඉහළ ගියේ යැයි ඊයේ රුසියානු බලධාරීන් සඳහන් කර තිබුණා. මේ අතර තුවාල ලැබූවන් ද 180 ක් පමණ සිටිනවා. ප්‍රහාරය එල්ල කළ බව කියන සැකකරුවන් සිව් දෙනකු ඊයේ අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුණා. ඔවුන් මැයි 22 දක්වා රඳවා තබාගැනීමට අධිකරණය නියෝග කර තිබෙනවා.
2024 දෙසැම්බර් 23, ප.ව. 12:49
2024 දෙසැම්බර් 23, පෙ.ව. 11:34
2024 දෙසැම්බර් 23, පෙ.ව. 11:22
2024 දෙසැම්බර් 20, ප.ව. 6:35
2024 දෙසැම්බර් 20, ප.ව. 6:06