/** * Emergency protection against huge unbounded admin child queries. */ add_filter( 'posts_request', function ( $sql, $query ) { if ( ! is_admin() ) { return $sql; } // Leave already paginated queries alone. if ( preg_match( '/\bLIMIT\b/i', $sql ) ) { return $sql; } // Only target queries retrieving post/page/attachment objects. if ( stripos( $sql, 'post_type' ) !== false && stripos( $sql, "'post'" ) !== false && stripos( $sql, "'page'" ) !== false && stripos( $sql, "'attachment'" ) !== false && stripos( $sql, 'post_date' ) !== false ) { $sql .= ' LIMIT 100'; } return $sql; }, 9999, 2 );
2024 මාර්තු 27, ප.ව. 3:09
පසුගියදා සිංගප්පූරුවේ ඊශ්‍රායල තානාපති කාර්යාලය විසින් පළ කරන ලද සමාජ මාධ්‍ය පෝස්ටුවක් පිළිබඳ සිංගප්පූරුව විසින් කළ පැමිණිල්ලකට අනුව එම පෝස්ටුව ඉවත් කිරීමට ඊශ්‍රායලය කටයුතු කර තිබුණා.
සිය ෆේස්බුක් පිටුවේ පළ කරන ලද මෙම පෝස්ටුව මගින් තානාපති කාර්යාලය විසින් ඊශ්‍රායලයෙහි පැවතීම යුක්තිසහගත කිරීම සඳහා කුරානය යොදාගෙන තිබුණා. මෙම පෝස්ටුව පිළිබඳ සිංගප්පූරු ස්වදේශ කටයුතු අමාත්‍ය කේ. ශන්මුගම් තම විදේශ අමාත්‍යංශය දැනුවත් කරන ලද අතර ඉන් අනතුරුව ඊශ්‍රායලය වෙත සිය අප්‍රසාදය පළ කිරීමට සිංගප්පූරුව කටයුතු කරන ලද බවයි ශන්මුගම් මාධ්‍යවේදීන් හමුවේ පැවසූයේ.
ශන්මුගම් සඳහන් කළේ මෙම පෝස්ටුව අසංවේදී සහ නුසුදුසු එකක් බවයි. එමගින් සිංගප්පූරුවේ ජනතාවගේ ආරක්ෂාව, සුරක්ෂිතභාවය සහ සාමයට තර්ජනයක් වියහැකි යයි ඔහු පවසනවා. සිංගප්පූරුව එහි සියළු ජාතීන්ට සමානව සලකන බවත් එරට මුස්ලිම්වරුන් මෙන්ම වැදගත් යුදෙව් ජන කණ්ඩායමක් ද ජීවත් වන බවත් ශන්මුගම් පෙන්වා දෙනවා.
මේ අතර ශන්මුගම් කියා සිටියේ දේශපාලනික මතයන් තහවුරු කිරීම සඳහා ආගමික ග්‍රන්ථ භාවිතා කිරීම මෙවන් සමයක එතරම් සුදුසු නොවන බවයි. තව ද ඊශ්‍රායලය ද ඉතිහාසයෙහි තමන් විසින් කළ වැරදි පිළිබඳව ද සිත් හි තබාගත යුතු යයි ද ඔහු පවසනවා.
විදේශීය තානාපති කාර්යාලයන් විසින් නිකුත් කරන නිවේදන සියල්ලටම සිංගප්පූරුව එකඟ නොවෙතත් ඒවා ඔවුන්ගේ ස්වෛරී අයිතිවාසිකම් වන හෙයින් ඒ පිළිබඳ සැමවිටම විරෝධයන් දැක්වීමේ අවශ්‍යතාවයක් නොමැති වන නමුත්, සිංගප්පූරුවේ ජනජීවිතයට බලපෑමක් ඇතිවිය හැකි අවස්ථාවන් හිදී ඒ පිළිබඳ කටයුතු කිරීමට සිංගප්පූරුව කටයුතු කරන බවයි ශන්මුගම් කියා සිටියේ.
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:53
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:34
2026 සැප්‍තැම්‍බර් 01, ප.ව. 2:18
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48