hit counter

2026 පෙබරවාරි මස 14 වන සෙනසුරාදා

2024 මාර්තු 29, පෙ.ව. 8:14



පසුගිය මාර්තු 22 වනදා මොස්කව් නගරයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ වූවන්ට යුක්‍රේනයේ මූලාශ්‍රයකින් ක්‍රිප්ටොකරන්සි ලෙස මුදල් ලැබී ඇතැයි රුසියානු විමර්ශකයින් පවසනවා.

මේ අතර මෙසේ මුදල් ලබාදීමට සම්බන්ධ වූයේ යයි සැලකෙන අයෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි ද රුසියාව සඳහන් කළා.

තවද ප්‍රහාරකයින් යුක්‍රේනය දෙසට පළාගිය අතර​, එහිදී දේශසීමාව හරහා ඔවුන් සුරක්ෂිතව ඇතුල් කරගැනීමට පිරිසක් කටයුතු සළසා තිබුණේ යයි ද විමර්ශකයින් සඳහන් කරනවා.

රුසියාවේ ෆෙඩරල් ආරක්ෂක කාර්යංශයේ ප්‍රධානියා නොබෝ දා සැක පළ කළේ ඇමරිකාව​, බ්‍රිතාන්‍යය සහ යුක්‍රේනය මෙම ප්‍රහාරයට සම්බන්ධ බවයි.

ප්‍රහාරය එල්ල කළේ ISIS ත්‍රස්තවාදීන් යයි බටහිර මාධ්‍ය ප්‍රකාශ කළ ද රුසියාව එම ප්‍රකාශය කෙරෙහි සැක පහළ කරනවා.