2022 ජූනි 19, පෙ.ව. 9:10
අද ලෝක පියවරුන්ගේ දිනයයි.
තම දරුවන්ට අම්මගේ ආදරයත් තාත්තගේ රැකවරණයත් එකසේ ලබා දෙමින් ඔවුන්ව පෝෂණය කරමින් රැක බලාගන්නා පියෙකු අපිට මුණ ගැහෙන්නේ සීගිරිය පිදුරංගල ප්‍රදේශයෙන්.
ඒත් සමාජයේ අහන්න දකින්න ලැබෙන ඇතැම් සිදුවීම් නිසාම තාත්තාගේ ආදරේ ගැන, දරුවන් වෙනුවෙන් ඔහු කළ කැපකිරීම් ගැන දරුවන්ට යළි යළිත් සිහිපත් කරන්න සිදු වෙන අවස්ථාත් නැතුවම නොවෙයි.
අන්න ඒ නිසාම අදට යෙදී තිබෙන ලෝක පියවරුන්ගේ දිනයේ අපි කියන්න හදන්නේ අම්මා නැති දරුවන්ට අම්මා වුණු ආච්චි අම්මෙක් නැති මුණුපුරන්ට ආච්චි අම්මෙක් වුණු තාත්තා කෙනෙක් ගැන.
මේ තාත්තව අපිට මුණ ගැහෙන්නේ සීගිරිය පිදුරංගල ප්‍රදේශයෙන්.
මව් සෙනෙහසත් පිය සෙනෙහසත් එකට කැටි කරමින් දරුවන් තුන් දෙනෙකුටත් මුණුපුරෙකුටත් ලබා දෙන ඔහු 44 හැවිරිදි විජේසූරිය බණ්ඩාර.
ශ්‍රී ලංකා යුධ හමුදාවේ සේවය කළ විජේසූරියට සිය රැකියාවට සමුදීමට සිදු වුණේ තම බිරිඳ දරුණු රෝගයකට ගොදුරු වීම නිසයි.
බිරිඳගේ රෝගී තත්වයත් සමඟ විජේසූරිය බණ්ඩාර තම දරු මුණුපුරන්ගේ සියලු බර කරට ගන්නවා.
මීට වසර 06කට පෙර තම ආදරණීය බිරිඳ මිය යාමත් සමඟ දරුවන්ට අම්මාගේ අඩුව පුරවන්නටත් මේ පියාට සිදු වුණා.
පුංචි කටු මැටි පැලක තම දරු තිදෙනා සමග ජීවත්වෙන මේ තාත්තා විවාහය අතර මග හැරදමා සිය නිවෙසට පැමිණි වැඩිමහල් දියණිය සහ මුණුපුරාවද ප්‍රතික්ෂේප කළේ නැහැ.
ජීවන ගමනට අගහිඟකම් කෙතරම් බාධා කළත් මේ සෙනෙහෙබර තාත්තා තම දරුවන්ට අධ්‍යාපනය වගේම ආරක්ෂාවත් නොඅඩුව සපයනවා.
තම දරුවන් අම්මේ බඩගිනියි වෙනුවට තාත්තේ බඩගිනියි කියද්දී තම දෑත් දෙපාවලට වෙර වීරිය අරන් පනම් හතරක් හොයාගන්න විජේසූරිය නොවිඳිනා දුකක් නැහැ.
තම දරු මුණුපුරන් වෙනුවෙන් අනේක විද දුක්ගැහැට විඳින මේ තාත්තා, පියවරුන්ගේ දිනය දා ඉල්ලන්නේ තමන් නැති දවසක තම දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් හිසට සෙවණක් පමණයි.
තම දරු පැටවුන් තම ජීවිතයම කරගත් තාත්තලා අතරේ විජේසූරිය බණ්ඩාර එක් තාත්තා කෙනෙකු පමණයි.
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:08
2024 දෙසැම්බර් 21, ප.ව. 2:11
2024 දෙසැම්බර් 21, පෙ.ව. 12:02
2024 දෙසැම්බර් 20, පෙ.ව. 12:05
2024 දෙසැම්බර් 19, ප.ව. 3:20