hit counter

2026 මැයි මස 03 වන ඉරිදා

2024 මාර්තු 30, පෙ.ව. 12:05



ඊයේ (29) දින, ආර්ථික අපහසුතා ඇති ඉතා දිළිදු පවුල්වල පාසල් යන දරුවන්ට වටිනා පාපැදි 100ක් ලබා දුන් පුවතක් මිහින්තලේ සීප්පුකුලම ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

එම අදාළ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඉදිරියට කරගෙන යෑම සදහා මෙම ප්‍රදානය සිදුකර තිබෙනවා.

“ශාන්ති සජීවිකරණ ව්‍යාපාරයේ අනුග්‍රහය යටතේ මෙම පාපැදි පාසල් දරුවන්ට ලබා දෙනු ලැබුවා.

ඒ මිහින්තලේ, සීප්පුකුලම, කරුවලගස්හින්න, ශ්‍රී සුදර්ශණ බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පුජ්‍ය පොතානේ සුමංග හිමියන්ගේ ඉල්ලීම මතයි.

කෙසේ වෙතත්, අදාළ ප්‍රදානය මිහින්තලේ සීප්පුකුලම ශ්‍රී සුදර්ශන බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේ දී සිදු කෙරිණ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: