2024 මාර්තු 30, ප.ව. 12:18
මාර්තු 22 වනදා මොස්කව් හි ක්‍රෝකස් සිටි හෝල් හි එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සිදුකළ පුද්ගලයන්ට එම ප්‍රහාරයෙන් අනතුරුව කියෙව් නගරයට පළා යන ලෙස උපදෙස් ලැබී තිබුණ බවත් ඔවුන්ට පොරොන්දු වූ අතිරි මුදල එහිදී ලැබෙනු ඇතැයි සඳහන් වූ බවත් එම පුද්ගලයන් ප්‍රකාශ කළේ යයි රුසියාව පවසනවා.
මෙම ප්‍රහාරය සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානය වී ඇති අතර ඊට උපදෙස් දුන් තැනැත්තා ව්‍යාජ නමක් භාවිතා කළේ යයි ද ඔවුන් පවසා තිබෙනවා.
ක්‍රෝකස් සිටි හෝල් ප්‍රහාරය එල්ල කළ ප්‍රධාන සැකකරුවන් යුක්‍රේන දේශසීමාව දෙසට පළායාමේදී අත්අඩංගුවට ගත් බවයි රුසියාව ප්‍රකාශ කර තිබුණේ. එම ප්‍රහාරයේ වගකීම සංවිධානය භාරගත් බව පැවසුන ද යුක්‍රේන බුද්ධි අංශ ඊට සම්බන්ධ යයි තමන් සැක කරන බව රුසියාව පවසනවා.
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:53
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:34
2026 සැප්‍තැම්‍බර් 01, ප.ව. 2:18
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48