2024 මාර්තු 31, පෙ.ව. 9:48
දේශීය බිත්තරයක මිල අප්‍රේල් මාසයේ රුපියල් 35 ට ගෙන ඒමට නියමිත යැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර සිටිනවා.
අමාත්‍යවරයා සඳහන් කළේ, දෛනික දේශීය කුකුළු බිත්තර නිෂ්පාදනය සමස්ත දෛනික අවශ්‍යතාවය ඉක්මවා ගොස් ඇති බවයි. සාමාන්‍යයෙන් මෙරට දෛනික බිත්තර අවශ්‍යතාවය බිත්තර ලක්ෂ 65කි.
දැනටමත් දේශීය කුකුළු ගොවිපොලවල බිත්තර නිෂ්පාදනය ලක්ෂ 75 ඉක්මවා ගොස් ඇති බව බිත්තර නිෂ්පාදන කර්මාන්ත කරුවන්ගේ සංගමය දැනුම් දී ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය කියා සිටින්නේ.
එමෙන්ම මෙරටට වාර්ෂිකව අවශ්‍ය මව්සතුන් සංඛ්‍යාව 85,000ක්ව වුවත් මේ වනවිට සියලු කුකුළු ගොවිපළවල සිටින මව්සතුන් සංඛ්‍යාව 135,000 ඉක්මවා ඇතැයි ද සියලුම කුකුළු ගොවිපොළවල කුකුළු පැටවුන්ගේ ධාරිතාවය සියයට සියයකින් සම්පූර්ණ කර තිබෙන්නේ යැයිද අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.
මේ වනවිට වෙළඳපොළේ කුකුළු බිත්තරයක මිල රුපියල් 45-50 දක්වා මිල ගණන් යටතේ අලෙවි කරයි.
2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26