hit counter

2024 මැයි මස 07 වන අඟහරුවාදා

2022 ජූනි 20, ප.ව. 1:38



පවතින මෝසම් වැසි තත්ත්වය මත බංග්ලාදේශයේ සහ ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයකට මතුව ඇති විශාලතම  ගංවතුර තත්ත්වය නිසා මේ වනවිට පුද්ගලයන් 50 දෙනකුට අධික පිරිසක් මියගොස් ලක්ෂ 30කට අධික පිරිසක් විපතට පත්ව සිටිති. මෙය වසර 20කට පමණ පසු ඇතිවූ දරුණුතම ගංවතුර ආපදාව බවට වාර්තා වෙනවා.

බංග්ලාදේශයේ චිතගොන් ප්‍රදේශයේ පස්කඳු නායයෑමෙන් පුද්ගලයන් 4 දෙනෙක් මියගොස් ඇති අතර කුණාටු නිසා ඇතිවු අකුණුසර හේතුවෙන් මේ වනවිට බංග්ලාදේශයේ සහ ඉන්දියාවේ පුද්ගලයන් 21කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

මෙම ගංවතුර තත්ත්වය නිසා බංග්ලාදේශයේ සිල්හෙට් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මෙහෙයුම් කටයුතු ද තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ඉන්දියාවේ ඇසෑම් ප්‍රදේශයේ පවතින ගංවතුර සහ නායයෑම් නිසා පුද්ගලයන් 18 දෙනකු පමණ මියගොස් ඇතැයි එරට මාධ්‍ය සඳහන් කරයි.

ආසියාවේ විශාලතම ගංගාවන්ගෙන් එකක් වන බ්‍රහ්මපුත්‍ර ගංගාව පිටාර ගැලිම නිසා ඇසෑම් ප්‍රදේශයේ දිස්ත්‍රික්ක 33 න් 28 ක්ම ජලයෙන් යටවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ වනවිට හමුදා සෙබළුන් මැදිහත් වී විපතට පත්වූවන් ආරක්ෂිත ස්ථාන වෙත රැගෙන යෑමට කටයුතු කරමින් සිටින බව ද වාර්තා වෙනවා.