2024 අප්‍රේල් 02, ප.ව. 9:57
ක්‍රෝකුස් සිටි හෝල් ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් කවුරුන් දැයි හෙළිදරව් කරගන්නා බව රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් කියා සිටිනවා.
රුසියානු අභ්‍යන්තර අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් අමතා කළ කතාවකදී ඔහු කියා සිටියේ එම ප්‍රහාරය පිළිබඳ විමර්ශන වෘත්තියභාවයෙන් යුක්තව සිදුවිය යුතු බවයි.
මුදලට සිදුකරන ත්‍රස්ත ප්‍රහාරයන් රුසියාවට එරෙහිව භාවිතා කරන අවියක් බවට පත්ව ඇතත්, එය දෙපැත්ත කැපෙන අවියක් බැව් එය භාවිතා කරන්නන් දැනගත යුතු යයි ද පුටින් පවසනවා.
ක්‍රෝකුස් ප්‍රහාරය සම්බන්ධයෙන් ආරක්ෂක අංශයන් හි ක්‍රියාකාරීත්වය පිළිබඳව ද පරීක්ෂණ කෙරෙන බවයි පුටින් කියා සිටියේ.
මාර්තු 22 වනදා මොස්කව් හි ක්‍රෝකුස් සිටි හෝල් හි සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් 144 දෙනකු මියගියා.
2025 අප්‍රේල් 21, ප.ව. 2:18
2025 අප්‍රේල් 20, ප.ව. 7:06
2025 අප්‍රේල් 08, ප.ව. 5:41
2025 අප්‍රේල් 03, ප.ව. 8:58
2025 මාර්තු 31, ප.ව. 5:53