hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2024 අප්‍රේල් 06, පෙ.ව. 11:41



ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම මස 29 වැනිදා සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කිරීමට සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා වෘත්තිකයන්ගේ සංගමය තීරණය කර ඇතැයි වාර්තා වනවා.

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ විශ්වවිද්‍යාල මට්ටමට උසස් කිරීමට අදාළ කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම, විද්‍යාපීඨ කථිකාචාර්යවරුන් සඳහා නිර්බාධ උසස් වීම් ක්‍රමය ක්‍රියාත්මක කිරීම හා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ලබා දී තිබෙන දීමනා හා සමාන දීමනාවක් ලබා දීම එම ඉල්ලීම් අතර වන බවයි පැවසෙන්නේ.

මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් වරින් වර අධ්‍යාපන අමාත්‍යාංශය සමග සාකච්ඡා කර තිබෙන නමුත්, මේ දක්වා කිසිදු පිළිගත හැකි විසඳුමක් ලැබී නැති බවත්, එහෙයින් ඉල්ලීම් දිනා ගැනීම සඳහා අඛණ්ඩ වර්ජනයකට යාමට සංගමයේ විධායක සභාව තීරණය කර තිබෙන බවත්, එහි ලේකම් ධම්මික මිරිහාන මහතා ප්‍රකාශ කළා.

හෙතෙම වැඩිදුරටත් පැවසුවේ, විද්‍යාපීඨ වීශ්වවිද්‍යාල මට්ටමට උසස් කිරීමට අදාළ කෙටුම්පත නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යොමු කර තිබෙන නමුත් එය කඩිනම් කිරීමේ වගකීම අමාත්‍යාංශය සතු වන බව ද මැතිවරණයට පෙර එම කෙටුම්පත සම්මත කිරීමට නොහැකි වුවහොත් එම ක්‍රියාවලිය යළිත් ආපස්සට යොමු වන බවයි.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: