2024 අප්‍රේල් 07, ප.ව. 4:31
යුක්‍රේනයට රුසියාව සමග කිසියම් එකඟතාවයකට එළඹෙන්නට සිදුවනු ඇතැයි නේටෝ මහ ලේකම් යෙන්ස් ස්ටොල්ටන්බර්ග් පවසා සිටිනවා.
බීබීසී ආයතනය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ස්ටොල්ටන්බර්ග් සඳහන් කළේ මෙසේ එකඟතාවයකට එළඹීම සිදුවිය යුතු වන්නේ යුක්‍රේනයට වාසිදායක අවස්ථාවකදී බවයි.
බටහිර රටවල් දිගටම යුක්‍රේනයට සහය දක්වන බව ද ඔහු සඳහන් කළා.
කෙසේ වෙතත් ව්ලදිමීර් පුටින් ජනාධිපති ධුරයෙහි සිටින තාක්කල් රුසියාව සමග සාකච්ඡා කිරීම යුක්‍රේනය ප්‍රතික්ෂේප කරන අතර රුසියාව විසින් අල්ලාගත් සියළු ප්‍රදේශ නැවත අත්පත් කරගන්නා බව ද යුක්‍රේනය ප්‍රකාශ කරනවා.
2025 අප්‍රේල් 21, ප.ව. 2:18
2025 අප්‍රේල් 20, ප.ව. 7:06
2025 අප්‍රේල් 08, ප.ව. 5:41
2025 අප්‍රේල් 03, ප.ව. 8:58
2025 මාර්තු 31, ප.ව. 5:53