hit counter

2025 අප්‍රේල් මස 21 වන සඳුදා

2024 අප්‍රේල් 09, ප.ව. 7:24



මැදපෙරදිග ඊශ්‍රායල​-පලස්තීන ගැටළුව විසඳීම සඳහා රාජ්‍ය දෙකේ විසඳුම වේගවත් කරන අදහස ඇතිව පලස්තීන රාජ්‍යය පිළිගැනීමට අවධානය යොමුකර ඇතැයි ඔස්ට්‍රේලියානු විදේශ ඇමතිණී පෙනී වොංග් පවසනවා.

ඇය කියා සිටින්නේ ඊශ්‍රායලයට කලාපයේ රටවල පිළිගැනීම නොමැතිව එහි දිගු කාලීන ආරක් ෂාව තහවුරු කිරීමට නොහැකි බවයි.

මේ අතර සෞදි අරාබිය විසින් කරනු ලබන යෝජනාව ගැන ද ඇය සිධ ධනාත්මක අදහස පළකර තිබෙනවා. සෞදි අරාබිය පවසන්නේ පලස්තීන රාජ්‍යය ඊශ්‍රායලය විසින් පිළිගතයුතු බවයි. එයට ප්‍රතිචාර ලෙස කලාපයේ රටවල් ඊශ්‍රායලය සමග තානාපති සබඳතා ඇතිකරගත යුතු බව එරට ප්‍රකාශ කරනවා.

මේ අතර පලස්තීනය තුළ හමාස් පාලනයට අනාගතයක් නොමැති බව ද පෙනී වොංග් ප්‍රකාශ කර සිටිනවා