2024 අප්‍රේල් 14, පෙ.ව. 12:08
 
            
අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 28ට සහල් බෙදාදීමේ වැඩසටහනට සුදුසු පවුල් හඳුනාගැනීම ඉතා ගැටලුකාරී වී ඇතැයි දිස්ත්‍රික් ලේකම්වරුන් මුදල් අමාත්‍යාංශයේදී පැවති රැස්වීමකදී පෙන්වා දී තිබෙනවා.
ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් ගැටලුකාරී තත්ත්වයක් පැනනැගී ඇතැයි ද ඔවුන් අවධාරණය කර ඇත.
ශුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය සුදුසු පවුල් තෝරාගෙන ඇතැයි සඳහන් කළද ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල දත්ත පදනමට අනුව අස්වැසුම ප්‍රතිලාභීන් ලෙස සුදුසුකම්ලාභී අවසාන පවුල් සංඛ්‍යාව මෙතෙක් නිශ්චිතව තමන් වෙත ලැබී නැතැයි ද දිස්ත්‍රික් ලේකම්වරුන් චෝදනා කර තිබෙනවා.
ප්‍රතිලාභීන් හඳුනාගැනීමේ ගැටලුවක් නැතැයි කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් නාළිකා පියසේන මෙහිදී පෙන්වා දී තිබෙන අතර ‘අස්වැසුම’ වැඩසටහනට ඇතුළත් නොවූ සමෘද්ධිලාභීන්, අභියාචනා ඉදිරිපත් කිරීමට නොහැකිවූවන් හා සමෘද්ධි ප්‍රතිලාභ අහිමි වූ අඩු ආදායම්ලාභී ගණයට අයත් පවුල් විශාල සංඛ්‍යාවක් දිස්ත්‍රික්කවල සිටින බව ත්, එම පවුල් සම්බන්ධ කර ගැනීමේ ක්‍රමවේදය පිළිබඳව පැහැදිලි උපදෙස් ලබා දෙන ලෙසත් දිස්ත්‍රික් ලේකම්වරුන් ඉල්ලා ඇත.
කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශයට සහල් බෙදාදිය යුතු ප්‍රතිලාභීන් පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙසට මෙහිදී ශුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයට දැනුම් දී තිබෙනවා.
මෙම වැඩසටහන යටතේ එක් එක් දිස්ත්‍රික්කවල සහල් ලබාගැනීමට සුදුසුකම් ලැබූ පවුල් සංඛ්‍යාව ඇතුළත් ලේඛනය දිස්ත්‍රික් ලේකම්වරුන් කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශයට ලබාදිය යුතු බවට ත්, එම අමාත්‍යාංශය දිස්ත්‍රික්ක වශයෙන් අනුමත කරන ප්‍රතිලාභීන් සංඛ්‍යාව සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙසත් මෙහිදී තීරණය වී ඇත.
මේ අතර, අඩු ආදායම්ලාභී පවුල්වලට අප්‍රේල් සහ මැයි මාසවලට නාඩු සහල් කිලෝග්‍රෑම් දහය බැගින්, කිලෝ විස්සක් ලබාදීමට නියමිත අතර ඒ සඳහා සහල් මෙටි්‍රක් ටොන් 54,800ක් අවශ්‍ය බව දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දී ඇත.
නාඩු (තම්බන ලද) කිලෝග්‍රෑම් 10 බෑගයකට රුපියල් 1900ක් ද, නාඩු (කැකුළු) බෑගයකට රුපියල් 1860ක් ද වශයෙන් මිල ගණන් කැඳවා සැපයුම්කරුවන්ගෙන් සහල් තොග මිල දී ගන්නා ලෙසට ද උපදෙස් ලබා දී ඇත.
සහල් වෙළෙඳපොළේ වර්තමාන මිල ගණන් අනුව මෙම මිලට වඩා ඉහළ අගයක් ගැනීමේ අවදානමක් පවතින බව අනුරාධපුර, නුවරඑළිය, පුත්තලම, ත්‍රිකුණාමලය ඇතුළු දිස්ත්‍රික් ලේකම්වරුන් කිහිප දෙනෙකු මෙහිදී පෙන්වා දී ඇත.
මේ අතර, රජය ඉදිරිපත් කළ මිල ගණන්වලට මහා පරිමාණ මෝල් හිමියන් සහල් ලබාදීම ප්‍රතික්ෂේප කර ඇතැයි රජයේ උසස් නිලධාරියකු පැවසුවා.
මෙම වැඩසටහනට සහල් කිලෝවක් රුපියල් 180 බැගින් ලබාදෙන ලෙසට වී මෝල් අයිතිකරුවන්ගෙන් ඉල්ලීම් කර තිබූ බව ත්, මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන් සහල් කිලෝවක් රුපියල් 210 බැගින් පමණක් ලබා දීමට ඉදිරිපත් වූ බවත් එම නිලධාරියා සඳහන් කර තිබෙනවා.
එහෙත් සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් සහල් කිලෝවක් රුපියල් 183 බැගින් ලබාදීමට එකඟ වී තිබෙන බව ද ඔහු පැවසුවා.
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:12
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:10
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:10
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:10
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:08
01-11-25
 
                                            01-11-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25