hit counter

2026 ජනවාරි මස 20 වන අඟහරුවාදා

2024 අප්‍රේල් 20, පෙ.ව. 12:04



2023 මාර්තු 25 වනදා සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම සඳහා වන තරග විභාගයක් පැවැත්වීමට සියලු‍ කටයුතු සූදානම් කර තිබිණ.

එලෙස තිබිය දී සංවර්ධන නිලධාරීන් පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් ගොනු කරනු ලැබූ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා.

ඒ අනුව එම තරග විභාගය පැවැත්වීමට පෙර 2023 මාර්තු 23 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පනවන ලද අතුරු තහනම් නියෝගය හේතු කොටගෙන පැවැත්වීමට නියමිතව තිබූ තරග විභාගය අත්හිටවනු ලැබුවා.

මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයේ එම පෙත්සම් විභාග වෙමින් පවතිනවා.

ඒ හේතුවෙන් ඉදිරියේ දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදෙන තීන්දුව අනුව සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: