hit counter

2026 ඔක්‍තෝබර් මස 27 වන අඟහරුවාදා

2024 අප්‍රේල් 23, පෙ.ව. 10:46



චීන ජනාධිපති සී ජින්පිං එළඹෙන ඔක්තෝබරයේදී රුසියාවේ සංචාරය කරනු ඇතැයි වාර්තා වනවා. ඒ එම මාසයේ රුසියාවේ කසාන් නගරයේදී පැවැත්වීමට නියමිත BRICS රාජ්‍ය නායක හමුවට සහභාගී වීම පිණිසයි. එහිදී ඔහු ජනාධිපති ව්ලදිමීර් පුටින් ඇතුළු නායකයන් සමග ද්වී පාර්ශවික සාකච්ඡා පැවැත්වීමට ද නියමිත බවයි වාර්තා වන්නේ.

මේ අතර රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් මැයි මාසයේදී චීනයේ සංචාරයක නිරත වීමට නියමිත බව වාර්තා වනවා. මෙම සංචාරයේ දින වකවානු පිළිබඳව තවම රුසියානු බලධාරීන් විසින් තහවුරු කර නැහැ.

BRICS සංවිධානයට මේ වනවිට සාමාජිකයන් 9 දෙනකු අයත් වනවා. සාමාජික සංඛ්‍යාව 5 සිට 9 දක්වා ඉහළ ගිය පසුව පැවැත්වෙන පළමු රාජ්‍ය නායක හමුව වන්නේ කසාන් හි පැවැත්වෙන හමුවයි. බ්‍රසීලය​, රුසියාව​, ඉන්දියාව​, චීනය සහ දකුණු අප්‍රිකාව යන සාමාජිකයන්ට අමතරව ඊජිප්තුව​, ඉතියෝපියාව​, ඉරානය සහ එක්සත් අරාබි එමීර් යන රටවල් එම සංවිධානයේ සාමාජිකත්වය ලබාගත් අතර තවත් රටවල් කිහිපයක්ම ඊට එක්වීමට ඉල්ලීම් කර තිබෙනවා.