2024 අප්‍රේල් 25, පෙ.ව. 10:52
සුරියවැව ප්‍රදේශයේ තවත් කාන්තාවන් දෙදෙනෙකු සමග පසුගිය (19) දින උදෑසන ශ්‍රි පාද වන්දනාවේ පැමිණ ශ්‍රි පාද උඩ මළුවේ රත්නපුර මර්ගයෙන් පහලට බසිමින් සිටිය දී තරුණයෙක් එකවරම දිවගොස් ආරක්ෂිත වැටෙන් පහලට පැන අතුරුදන් වූ පුවතක් වාර්තා වුණා.
ඒ දිනේෂ් හේමන්ත නමැති වයස අවුරුදු 33 ක සූරියවැව ප්‍රදේශයේ පදිංචි තරුණක් ය.
ඔහු මේ වනවිට හමුවී තිබෙනවා.
ඊයේ (24) උදෑසන එම තරුණයා ශ්‍රී පාද රක්ෂිතයට ආසන්නයේ නල්ලතන්නිය පොලිස් වසමට අයත් මරේ වතු යායේ රාජමලේ ප්‍රදේශයේ සිටිනු දැක වතු කම්කරුවන් පිරිසක් විසින් නල්ලතන්නිය පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් භාර දී ඇත.
එහිදී පොලිස් නිලධාරීන් විසින් එම තරුණයාව ප්‍රතිකාර සඳහා මස්කෙළිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දික්ඔය මූලික රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.
කෙසේ වෙතත්, තරුණයා සෙවීම සඳහා යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් දින 3ක් තිස්සේ විශේෂ මෙහෙයුමක් සිදුකර පසුව එම මෙහෙයුම අත්හැර දැමුවා.
2025 ඔක්‍තෝබර් 16, ප.ව. 2:27
2025 ඔක්‍තෝබර් 16, ප.ව. 2:15
2025 ඔක්‍තෝබර් 16, පෙ.ව. 11:02
2025 ඔක්‍තෝබර් 16, පෙ.ව. 10:42
2025 ඔක්‍තෝබර් 16, පෙ.ව. 10:09
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
15-10-25
15-10-25
15-10-25
15-10-25
15-10-25
15-10-25
15-10-25
15-10-25
15-10-25
15-10-25
15-10-25
15-10-25
15-10-25
15-10-25