2024 මැයි 03, පෙ.ව. 8:33
කිර්ගීසියාවේ උත්සව අවස්ථාවකදී අයිස්ක්‍රීම් රථයක් පල්ලමක් දිගේ ගමන් කිරීමෙන් ළමුන් 31 දෙනකු සහ වැඩිහිටි අයකු තුවාල ලද පුවතක් වාර්තා වනවා.
මැයි 2 වනදා මෙම අනතුර සිදුව ඇත්තේ කිර්ගීසියාවේ සුප්‍රකට මනාස් වීර කාව්‍යය සැමරීමේ සංස්කෘතික උත්සව අවස්ථාවක් අතරතුරයි. පල්ලමක නවතා තිබූ අයිස්ක්‍රීම් රථක එක්වර පහළට ගමන් කරන්නට පටන් ගෙන තිබෙන අතර රැස්ව සිටි බොහෝ දෙනා ඊට පිටුපා සිටි හෙයින් එය දකින්නට සමත්ව නැහැ.
මෙම අනතුර සම්බන්ධයෙන් අයිස්ක්‍රීම් රථයේ රියැදුරා අත් අඩංගුවට ගෙන තිබෙන අතර ඔහු පවසා ඇත්තේ ඔහු රථය නවතා තබා එයින් බැස දුරකථනයෙන් කිසිවකු හා කතාබහ කරමින් සිටිනා අතරතුර මෙම සිද්ධිය වූ බවයි.
කෙසේ වෙතත් මෙම රථය මෙසේ පහළට ගමන් කරන්නට වූයේ කුමක් හේතුවෙන් දැයි පැහැදිලි වී නැහැ.
2025 අප්‍රේල් 21, ප.ව. 2:18
2025 අප්‍රේල් 20, ප.ව. 7:06
2025 අප්‍රේල් 08, ප.ව. 5:41
2025 අප්‍රේල් 03, ප.ව. 8:58
2025 මාර්තු 31, ප.ව. 5:53