2024 මැයි 03, ප.ව. 9:02
යටත් විජිත යුගයේ පෘතුගාලය විසින් සිදුකරන ලද අකටයුතුකම්වලට වන්දි ලබාගැනීම ගැන සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව සාඕ තෝම් සහ ප්‍රින්සිපේ රාජ්‍යයේ අධ්‍යාපන, සංස්කෘතික සහ විද්‍යා කටයුතු පිළිබඳ ඇමතිනිය වන ඉසබෙල් ආබෲ පවසනවා.
පෘතුගාල ජනාධිපති මාර්සෙලෝ රෙබෙලෝ ද සූසා මෑතකදී සඳහන් කළේ තම රට යටත් විජිත සමයේ සිදුකල අසාධාරණකම්වලට සමාව ඉල්ලා සිටීම පමණක් ප්‍රමාණවත් නොවන බවයි. එයින් ඔබ්බට ද කිසියම් කටයුත්තක් තම රටවල් වෙතින් සිදුවිය යුතු යයි ඔහු කියා සිටිනවා. බටහිර අප්‍රිකානු වෙරළට ඔබ්බෙන් පිහිටි කුඩා දූපත් රාජ්‍යයක් වන සාඕ තෝම් සහ ප්‍රින්සිපේ රාජ්‍යය මේ පිළිබඳ පෘතුගාලය සමග සාකච්ඡා කරන්නට සූදානම් වන්නේ එම ප්‍රකාශයෙන් පසුවයි.
වර්ග කිලෝමීටර් 964 ක් විශාල සාඕ තෝම් සහ ප්‍රින්සිපේ යනු සියවස් හතරක් මුළුල්ලේ පෘතුගීසි පාලනයට නතුව තිබූ ප්‍රදේශයක්. එමෙන්ම එය අප්‍රිකානු වහල් වෙළෙඳාමේ මධ්‍යස්ථානයක් ද වුණා.
2026 මැයි 10, ප.ව. 4:58
2026 මැයි 04, පෙ.ව. 10:41
2026 අප්‍රේල් 26, පෙ.ව. 11:23
2026 අප්‍රේල් 22, පෙ.ව. 11:49
2026 මාර්තු 27, ප.ව. 2:14