hit counter

2026 මැයි මස 05 වන අඟහරුවාදා

2022 ජූනි 23, පෙ.ව. 2:24



මේ දවස්වල මිනිස්සු ජිවත් වෙන්නේ බොහෝ තාඩන, පීඩන මැද.

සමහර මිනිස්සුන්ට රස්සාවල් අහිමි වෙලා.

පවුලේ කිහිප දෙනෙක් පෝලිම්වල.

ගෑස් නැති නිසා කන්න විදියක් නැහැ.

තෙල් නැති නිසා රස්සාවට යන්න විදියක් නැහැ.

පොඩි දරුවන්ට දෙන්න කිරිපිටි ටික නැහැ.

ඉතින් ඒ වගේ පසුබිමක පෝලිමක සිදු වූ අපුරු සිදුවීමක් ගැන සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් හුවමාරු වෙනවා.

එම සටහන පහතින්,

මේක ටිකක් මගෙ ජීවිතේ ලබපු අමුතුම සිදුවීමක් .

පහල තියෙන ෆොටෝ එක අද උදේ ගත්තේ තෙල් පෝලිමේ ඉන්නකොට හාමුදුරුවෝ පිංඩපාතේ වඩිනවා තලවතුගොඩ පැත්තට.ඕක නෝනාට වීඩියෝ කරල යැව්වම අනේ මොනව හරි පූජා කරන්න එපැයි වීඩියෝ කර කර ඉන්නෙ කියල නෝන මට කීවා .

හැබැයි ඒ වෙලේ ලග පාත් උන්වහන්සේලාට පූජා කරන්න දෙයක් තිබේත් නැහැ. පෝලිමේ කොහොම හරි මට ඉස්සරහින් වාහන 20වගේ තියෙද්දි තෙල් ඉවරයි කීවා .

ආයෙ යන්න බැරි නිසා වාහනේට වෙලා ඉන්නකොට කව්ද වාහනේට තට්ට්ටු කලා බලපුවම අර කලින් පිංඩපාතේ වැඩපු හාමුදුරුවන් .මම වාහනෙන් එලියට බැස්සම ආ මහත්තය කොහොමද මේව ගන්න කියල මුලින්ම යෝගට් එකක් දුන්නා එක හාමුදුරුවෝ නමක් මම ලග කෑම තිබුනා එපා කියල කියල කීවත්. ගන්න ගන්න කියල වාහනෙන් තියල උන්වහන්සේ වැඩම කලා.

එතනින් එහාට ඒ හාමුදුරුවෝ ගොඩක් දෙනෙක්ම තමන්ගේ දානයට ලැබුනු දේවල් මේ විදියට දුන්නා. මට වැඩී අනික් අයට දෙන්න කියල ඉල්ලුවත් ගොඩක් හාමුදුරුවන් බිස්කට් එකක් හරි දීල ගියා…

ඉතින් උන්වහන්සේලා සියලු දෙනාට උතුම් චතුරාර්‍ය සත්‍යම අවබෝධ වේවා