2024 මැයි 04, ප.ව. 11:47
යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි රුසියානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය විසින් තමන්ට අවශ්‍ය පුද්ගලයන් ගේ ලැයිස්තුවට ඇතුලත් කර තිබෙනවා.
ඔහුට එරෙහිව එල්ල වන අපරාධමය චෝදනාව පිළිබඳ මෙතෙක් පැහැදිලිව නැහැ. මේ අතර හිටපු යුක්‍රේන ජනාධිපති පෙත්‍රො පොරොශෙන්කෝ ද එම ලැයිස්තුවට ඇතුලත්ව තිබෙනවා.
සිකුරාදා දින රුසියාව විසින් මෙම ලැයිස්තුවට යුක්‍රේන ජාතික ආරක්ෂක කවුන්සිල ප්‍රධානී අලෙක්සන්දර් විනොගොරොද් ද ඇතුලත් කර තිබුණා. එමෙන්ම මීට පෙර යුක්‍රේනයේ හිටපු මුදල් අමාත්‍ය අලෙක්සන්දර් ෂ්ලපක් සහ හිටපු මහ බැංකු අධිපති ස්තෙපාන් කුබීව් ද රුසියාව විසින් තමන්ට අවශ්‍ය පුද්ගලයන් ලෙස නම් කළා. ෂ්ලපක් හා කුබීව් එසේ නම් කර තිබුණේ දොන්බාස් හි සිවිල් ජනතාවට පහරදීම සඳහා කළ කටයුතුවලට මුදල් සැපයීම පිළිබඳව වූ චෝදනා මතයි.
2026 මැයි 10, ප.ව. 4:58
2026 මැයි 04, පෙ.ව. 10:41
2026 අප්‍රේල් 26, පෙ.ව. 11:23
2026 අප්‍රේල් 22, පෙ.ව. 11:49
2026 මාර්තු 27, ප.ව. 2:14