hit counter

2025 අප්‍රේල් මස 21 වන සඳුදා

2024 මැයි 07, ප.ව. 7:48



යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි සහ තවත් නිලධාරීන් ඝාතනය කිරීම සඳහා රුසියාවේ FSB ආයතනය සමග එක්ව කුමන්ත්‍රණය කළ නිලධාරීන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව යුක්‍රේනයේ අභ්‍යන්තර බුද්ධි සේවයේ ප්‍රධානී වසිල් මලියුක් පවසා තිබෙනවා.

යුක්‍රේනයේ රාජ්‍ය ආරක්ෂක පරිපාලනාධිකාරය නම් ඒකකයේ කර්නල්වරුන් දෙදෙනකු වන මෙම නිලධාරීන් දෙදෙනා සෙලෙන්ස්කිගේ අභ්‍යන්තර ආරක්ෂක ඒකකයේ කිසිවකු තම කුමන්ත්‍රණයට හවුල් කරගෙන එමගින් ජනාධිපතිවරයාව ඝාතනය කිරීමට සැලසුම් කළ බවයි යුක්‍රේනය කියා සිටින්නේ.

එමෙන්ම ඔවුන් විසින් යුක්‍රේන අභ්‍යන්තර බුද්ධි ආයතනයේ ප්‍රධානී වසිල් මලියුක් හා මිලිටරි බුද්ධි ප්‍රධානී කිරිල් බුදානෆ් ද ඝාතනය කිරීමට සැලසුම් කර තිබූ බව සඳහන් වනවා.

මෙයින් එක් නිලධාරියෙක් ඝාතනයට සැලසුම් කර ඇත්තේ ඔහු රැඳී සිටින ස්ථානයක් පිළිබඳ රුසියාවට දන්වා එතැනට මිසයිල ප්‍රහාරයක් යොමු කිරීමෙන් බවයි කියැවෙන්නේ. එයින් අනතුරුව කිසිවකු එහි තවදුරටත් රැඳී සිටියේ නම් ඔහු ඉලක්ක කිරීමට ඩ්‍රෝනයක් එවා, එයින් අනතුරුව තවත් මිසයිලයක් එහි එවීමෙන් එම ඩ්‍රෝනයේ කොටස් ද විනාධ කරවීම බලාපොරොත්තුව වී තිබෙනවා.

අදාල නිලධාරීන් දෙදෙනාගේ නිවාස පරික්ෂා කිරීමෙන් ඔවුන්ගේ කුමන්ත්‍රණයට අදාල කරුණු අනාවරණය කරගත් බව ද යුක්‍රේනය කියා සිටිනවා.