2024 මැයි 12, පෙ.ව. 12:02
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු සඳහා පිරිනමන පොලී අනුපාත ඉහළ දැමීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේදය ඇතුළත් සවිස්තරාත්මක වාර්තාවක් තමාට දෙන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතාට උපදෙස් දී තිබෙනවා.
මුදල් රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේ, මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් ලැබුණු ඉල්ලීම සහ උපදෙස් සලකා බලමින් ඉතා ඉක්මනින්ම ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලී අනුපාත ඉහළ දැමීම සඳහා ක්‍රමවේදයක් ඇතුළත් සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවයි.
ආර්ථික අර්බුද පැනනැඟීමට ප්‍රථම වයස අවුරුදු 60 ඉක්මවූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ බැංකු සහ මූල්‍ය ආයතන ගිණුම් සඳහා වාර්ෂිකව 15% නොඉක්මවූ පොලී ප්‍රතිශත පිරිනමා තිබුණත් මේ වන විට එම පොලී ප්‍රතිශත තනි ඉලක්කමේ ප්‍රතිශත බවට පත් වී තිබීම කනගාටුවට කාරණයක්.
මේ තත්ත්වය නිසා පොලී ආදායමෙන් ජීවත් වූ බොහෝ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් අපහසුතාවන්ට පත්ව ඇති බව සඳහන් කරමින් තමාද දැනුවත් කර ඇතැයි රංජිත් සියඹලාපිටිය මහතා වැඩිදුරටත් කියා සිටියා.
ඊට අමතරව ඔවුන් මේ සම්බන්ධයෙන් වරින් වර ජනාධිපතිවරයාද දැනුවත් කොට ඇති බවයි පැවසෙන්නේ.
රංජිත් සියඹලාපිටිය මහතා වැඩිදුරටත් පැවසුවේ, එහි ප්‍රතිඵලයක් ලෙස ජනාධිපතිවරයා මේ කරුණ පිළිබඳ සාවධානව සහ සානුකම්පිතව සලකා බලා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට සවිස්තර වාර්තාවක් දෙන්නැයි ඉල්ලා සිටි බවයි.
2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26